බාස්කට් බෝල් එන් එකකි. රිංග් එකට දැන් බෝලේ දගන්නට පුලුවනි. පොඩ්ඩක් ඩ්‍රිබ්ලිනුත් පුලුවන්ය. බැඩ්මින්ටන් අනිකය. ඒකත් ගහගන්නට පුලුවනි. කලින් ඉදන් පුලුවන් එකක් වොලිබෝල්ය. අල්ලපු ගෙදර අයියාට පින් සිද්ද වෙන්න කෝට් එකයි බෝලෙයි හම්බුන හින්දා දැන් දාගෙන ගහන්නේ වොලිබෝල්ය. ඉදල හිටලා ෆුට් බෝලුත් ගසමි. ඔය මොකවත් නැති වෙලාවට අපගේ ජාත්යන්තර ක්‍රීඩාව ක්‍රිකට් වලට අත තියයි. ඔව්වා ඔක්කොම කරල ඉවර වෙල ඇතුලට ඇවිත් ඉදගන්නේ කැරම් බෝඩ් එකේය. එහෙමත් නැත්නම් කාඩ් කුට්ටම අතේය.
බලාගෙන යද්දී මේක බෝඩිමක් නෙමෙයි ක්‍රීඩා ගාරයකි. අම්මප මට හිතෙන්නේ ලංකාවේ ඉන්න අවුරුදු 2ක ඉවරවෙද්දි ඉන්ජිනේරුවෝ කෙසේවෙතත් සෙල්ලන් කාරයෝ ටිකක් එලියට යයි කියලාය.
No comments:
Post a Comment