Wednesday, January 11, 2012

පොඩි එකාව හාවා කිරීම!


මට මේ කතාව මතක් වුනේ අපේ එකෙක් එවපු "එකක් 10යයි නම් 4ක් කීයද කියන ට්වීට් එක දෑකලා"... අපි අවුරුත් දන්නවා පොඩි එවුන්ව හාවා කරන්න හරිම ලේසී කියල.. ඒක හින්ද ඉතින් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන්න , ලියුමක් යවන්න, හින්ට් එකක් ගහන්න, පනිවිඩ යවන්න අපි යොදා ගන්නේ පොඩි එවුන්ව තමයි.. අඩු කුලියට ලොකු වෑඩක් කරගන්න පුලුවන්.. වෑඩිම උනොත් රුපියල් 10ක් යයි.. ඒත් ඉතින් පොඩි එවුන් ඔව්ව කරන්න ගිහින් නාගෙන හත් පොලේ ගාගෙන අපිවත් කුජීත කරපුවාම උන්ව හපදු දෙමවුපියන්ට ඉබේම පින් අනුමෝදනා වෙනවා...

කොහොමින් කොහොමින් හරි මේක මම කලින්ම හිටිය ඉස්කෝලේ , ඒ කියන්නේ මම ශිෂ්යත්වය වෙනකම් ගියපු ඉස්කෝලෙදි වෙච්ච සිද්දිමන්ට් එකක්..මම 1 හරි 2 හරි වෙන්න ඕනි.. ඔව් ඔව් බච්චා කාලේ තමා..


ඔය පොඩි කාලවල් වල පන්ති වල පොඩි පොලවල් තියනවනේ පොඩි එවුන්ව ලොකු වෙලා මුදලාලිලව කරන්න පුරුදු කරන්න.. ඔන්න ඔහොම එකක් අපේ පන්ති වලත් තිබ්බා.. මමත් ඉතින් ගෙදර තියෙන විකුනන්න පුලුවන් එව්වා මෙව්වා ටිකක් අරගෙන වෑඩේට සෙට් වෙන දවසේ ඉස්කෝලෙට ගියා..වෑඩියෙන්ම හම්බ කරන එකාට තෑග්ගකුත් දෙනවා කිව්වනේ.. ඉතින් අපිට මොකද...?

සෙල්ලම් පිට්ටනිය තමා ස්ථානය අපේ කඩමන්ඩියේ... ඔන්න දෑන් වෑඩේ පටාන් ගත්තා.. අපිත් මුලු ටවුමටම ඈහෑන්න කෑගහල බඩු විකුනනවා.. අම්මපා පොලේ බඩු විකුනන එකෙක් එතනට ආවනම් අපෙන් එකෙක් එක්කන් යනවා රෙන්ට් එකට පොලේ කෑගහන්න...
ඔන්න දෑන් ඉතින් බිස්නස් නෑගල යනවා.. අම්මලට ඔතනට එන්න එපා කියල තිබුනට සමහරක් අම්මල රියල් පොලේ අක්කල වගේ බෑහෑල පොඩි එකාගෙ බිස්නස් කරනවා.. පොඩි එකාට තෑග්ග අරන් දෙන්න... අපෙ අම්මනම් පෑත්ත පලාතේ ආවෙ නෑ බිස්නස් කරන්න..

කොහොම කොහොමහරි මගෙ බඩු අයිටම් ටික විකිනිලා අන්තිමට පොල් ගෙඩි 2ක් විතරක් ඉතුරු උනා.. මම සිද්දිය අම්මට කිව්වම අම්මා කිව්වා "1ක් 20යි 2ක් 30යි" කියලා විකුනන්න කියලා.. 2ක් ගන්නකොට ගාන අඩු කරන එක සිම්පල් තියරි එකනේ..කවුද බච්චා කාලේ ඔව්වා දන්නේ.. මමත් වෑඩර් වගේ පොල් ගෙඩි 2ක උස්සලා කෑ ගහලා කියනවා "1ක් 20යි 2ක් 30යි" කියලා... ඔන්න ඔය වෙලාවට තමයි ඔතනට ඉස්කෝලෙ මෑඩම් කෙනෙක් ආවේ.. ඈවිත් අහපි " පුතෙ කීයද පොල් කියලා?" මමත් කියලා දෑම්මා "1ක් 20යි 2ක් 30යි".. මෑඩම් කෝචොක් හිනාවක් දෑම්මා... "නෑ නේද පුතේ? 2කම 30යි නම් 1ක් 15 නේද? "

සිරාවටම... පොඩි මට සිද්දිය මීටර් වුනේ ඒ වෙලාවෙ තමයි.. ආයෙ ඉතින් 30 2න් බෙදපුවාම 15 නේහ්? හාහා ආයෙ ඉතින් මම 2පාරක් හිතන්නේ නෑතුව මෑඩම්ට 15කට පොලයක් විකුනලා දෑම්මා.. අනිකත් වෙන කාටද 15කට විකුනලා දෑම්මා.. සිද්දිය මම අම්මට කිව්වේ නෑ.. මම හිතුවෙ අපෙ අම්මට ගනන් බෑ කියලා.. කවුද යකොව් දන්නේ මේ මාව හාවා කරල කියලා..

තව අවුරුදු 3 - 4ක් ඔය ඉස්කොලේ ඉදලා ශිෂ්යත්වෙන් පිට පෑනලා ටිකක් ලොකු වෙලා මතක සෑමරුමක් දාන ටයිම් එකට තමා මට මීටර් වුනේ.. හනේ හෆ්ෆා මෑඩම් පොඩි මාව හාවා කරලනේ... අම්මට ගනන් බෑ කියල හිතපු මමනේ චාර්ටර් වෙලා තියෙන්නේ.. හිකිස්.. මොනවා කරන්නද? ගොනා කලේ බිදලා ඉවරයි.. අම්මප මම ආයෙ ඒ ඉස්කොලෙට ගිහින් මට පාඩු උනු 10 ඉල්ලන් එනවා ලෑජ්ජාව පෑත්තකට තියලා.. මෑඩම්ගෙ වෙලාවට මට දෑන් එයා කවුද කියලා මතක නෑ..

හාහා මගේ සුන්දර අතීතයේදි මම එක පාරක් හාව වුනේ ඔහොම තමයි.. ඔක්කොටම හරි යන්න මම දෑන් හෙන කස්ටියක් හාවා කරල තියෙනවා.. එවවා පස්සේ කියන්නම්කොව්.. දෑනට මෙච්චරයි...

මට බුදු සරනයි...
ටකේ කරේ ඔය කට්ටියම!

No comments:

Post a Comment