Monday, January 9, 2012

මට මනේ වෙන්නේ

මට වෙච්ච දෙයක් තමයි!
ස්ථානය පාසල..
වේලාව අවේලාව!
සිද්දිය පාසලෙන් පෑන කලින් ගෙදර යාමට තෑත් කිරීම!

O|L කස්ටියගෙ වාර විභාගය ඉවර වෙල කස්ටිය දෑන් ගේට්ටුවෙන් එලියට යනවා.. 13 උනාට මොකද මමත් දෑන් පොඩි එකා වගේ උන් අස්සෙන් යන්නයි ට්‍රයි එක.. ඔන්න දෑන් බෑග් එකත් අරන් අන්ශ ඔෆිස් එකෙනුත් කොහොම හරි ශේප් වෙල ආව ගේට්ටුව ලගට.. හෙන හුරා කඩපාත් වුනේ මට ඔතනදි!
විනය බාර සෑර් කෙනෙක් ඔන්න එතන හිටගෙන.. මන් එතනට යද්දි පොර මන් දිහ කන්ට වගේ බෑලුවා.. මට හිතුනා ටොපිය හරි කියල.. ශේපට් එකේ ආපහු යන්ට හෑරුනා..
කන් කලු නාදය සවනට ආවේ ඔතනදි!
 "අඩොව් ඔහොම ඉදපන්" යකොව් පන්තියෙ එකෙක්වත් මෙහෙම කතා කරන් නෑ..
උබ මොන පන්තියෙද?
11 සෑර්!
11 මොන පන්තියද!
11-c සෑර්! ඒක මන් කලින් හිටපු පන්තිය!

දෙන දෙයියොව් උඩ පෑන පෑන දෙනවා.. 11 අන්ෂබාර ගුරු පියානන් මගේ වෙලාවට මාව බේරගන්න එතනට ආව..
සෑර් මූ ඔයගෙ සෙක්ෂන් එකේද? :බුදු සෑර් සෙක්ශන් එකෙ ඔක්කොම ලමයින්ගෙ මූනවල් මතක තියාගෙන ඉන්නවද කොහෙද?
කවුද උබේ පන්ති බාර සර්? මන් කොහොමද දන්නේ 11-c එකේ පන්ති බාර සර්.. අපිට හිටපු එක්කෙනා අපි කරපු හොද වෑඩ හින්දා අපිට පස්සෙ අවුරුද්දේම පාසල දාල ගියා..
දෑන් ටොපිය සෙට්.. ඈත්තම කියනවා කියල හිතුනා.. මම 13 සර්..
"පටාස්" වෑදුන ශොට් එක කන දෙදරන්න.. චාර්ටර් ගූ හෑත්තෑවයි.. අර පොඩි එවුන් ටිකත් බලන් ඉන්නවා..
"මේක තාත්තා වගේ රෑවුලත් වවාගෙන එනවා අපිව අන්දන්න"
පස්සෙ තමයි මීටර් වුනේ නිතර දෙවේලේ කොරන වෑඩේ මට ගෑස්සුනේ කොතනද කියලා.. දවස් 3 කින් රෑවුල කෑපුවේ නෑ.. සිද්දිය හරිනේ ඉතින්..
"එක්කන් වරෙන් උබෙ පන්ති භාර සර්.."
කෙසේ කියන්නද අපේ පන්ති භාර සර් උගෙ අතිජාත මිත්‍රයා කියල.. ඔව්.. අනිත් විනය බාර ඩයල් එක තමා..
මගෙ බෑග් එක ගත්තා.. ගිනිගත්තේ ඒ වෙලාවේ.. ෆොන් එකත් බෑග් එකේ..
මම ගියා සර්ව එක්කන් එන්න.. නොයෙකුත් චාර්ටෙර් කන්න වුනා ඒ වෙලාවෙ.. එව්ව පස්සෙ කියන්නම්.. දෙනට මෙච්චරයි..
අම්මා නිදි මතයි..
මම හොදට  A/L පාස් වේවා..
බුදු සරනයි කට්ටියටම..

No comments:

Post a Comment